2020 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ 06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමුණා.
පසුව, අවස්ථා කිහිපයකදී විවිධ හේතුන් මත මෙම ක්‍රීඩා උළෙල කල්දැමුණු අතර, ආසියානු වෙරළ ක්‍රීඩා උලෙලක් මෙවර පැවැත්වෙන්නේ, වසර 10 කට පසුව වීම විශේෂත්වයක්. ඊට රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1790 ක් එක්ව සිටිනවා.
තරග ඉසව් 62 ක් ඊට ඇතුළත්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 49 දෙනෙකු සහ නිලධාරින් 23 දෙනෙකු මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සහභාගීවනවා. ඊයේ පැවැති සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන ගියේ ලක්ෂිකා සුගන්ධි සහ හරේන් දිනෙත් වික්‍රමතිලක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්. මිනිත්තු 75 ක් පැවති සමාරම්භක උත්සවය, චීනයේ සංස්කෘතික අංග රැසකින් අලංකාරවත්
