අධික වේගෙයන් ධාවනය වූ බොලෙරෝ ලොරි රථයක් නිවසක් මතට පෙරලෙයි .තිදෙනෙකුට තුවාල,
නානුඔය සිට නානුඔය කිරිමැටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් නානුඔය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇති බව නානුඔය පොලිසිය පවසනවා.
තලවකැලේ ඩෙස්පෝඩ් හරහා නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කිරිමැටිය ප්‍රදේශයේදී ඊයේ (25) දින රාත්‍රී 11:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත.
අධික වේගයෙන් ධාවනය වූ බොලෙරෝ ලොරි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත වීම හේතුවෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලී අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ලොරි රථයේ රියදුරා සහ ලොරි රථයේ ඉදිරිපස ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.
අනතුරින් එම නිවසට සහ බොලරෝ ලොරි රථයටද හානි සිදු වී ඇත.
අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
