කුණාටුවෙන් කැඩී ගිය ඇලහැර බැම්ම යළි ඉදි කිරීමට මිලියන 310ක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ පොළොන්නරුව ඇලහැර අමුණේ කැඩී ගිය බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු ස්ථිර ලෙස සිදුකිරීම ආරම්භ කෙරුණා.

ඒ, අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සහභාගීත්වයෙන්.

ප්‍රදේශයේ ගොවි පවුල් රැසකගේ කෘෂිකර්මික ජීවනෝපාය සඳහා දියවර සපයන ඇලහැර අමුණේ බැම්ම පසුගිය නොවැම්බර් මස ඇති වූ දිට්වා සුළි කුණාටු‍වේ බලපෑමෙන් විනාශයට පත්වුණා.

ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තාවකාලික පිළියමක් ලෙස කැඩී ගිය ඇලහැර අමුණේ බැම්ම වැලි ‍කොට්ට යොදා පිළිසකර කෙරුණා.

කැඩී ගිය ඇලහැර අමුණේ බැම්ම ස්ථිර ලෙස ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

එබැවින් පළමු අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ඒ සඳහා වාරිමර්ග දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 310 ක මුදලක් වැය කිරීමට නියමිතයි.

මේ වසරේ සැප්තැම්බර් මස ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අපේක්‍ෂිත බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අ

මාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.