රියදුරු බලපත්‍ර අවලංගු කිරීම ගැනමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2009 ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

2025 ජූනි 12 දින ජාතික පුවත්පතක මුල් පිටුවේ හා ඒ ඇසුරින් සමාජ මාධ්‍යයන්හි පළවූ “2009 ට පෙර ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට යයි” යන සිරස්තලයෙන් පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්, එම ආයතනය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.

ඒ අනුව උක්ත කරුණ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් මේ වනවිට ගෙන නොමැති බවත්, ඒ පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගනිමින් පවතින බවත් එම ආයතනය දැනුම් දෙනවා.

2009 ට පෙර ලබාගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබාගැනීමට කටයුතු කරන ලෙස මාධ්‍ය මගින් දැනටමත් දැනුවත් කර ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.