“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

“ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

ප්‍රජා සංවර්ධන සභා 13,977ක් පිහිටුවා අවසන්

දිවයින පුරා රුපියල් මිලියන 23,000 ක සංවර්ධන ව්‍යාපෘති

අනුමත කර අවසන්

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින්, මේ වන විටත් රුපියල් මිලියන 23,000 ක සංවර්ධන ව්‍යාපෘති අනුමත කර, ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.

ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාවට අදාළව ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කළ ව්‍යාපෘති වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.