වගා හානිවූ ගොවීන්ට දැනුම්දීමක්

පසුගිය දිනවලදී ඇතිවූ අයහපත් කාලගුණික අවපීඩන තත්වයන් යටතේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කයන්හි වගා බිම් ජලයෙන් යටවී ඇති අතර, එම ජලය බැස යාමෙන් අනතුරුව හානි වූ වගා බිම් ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල පවසනවා.

2026 වර්ෂයේ යල කන්නයේ වගා කිරීම ආරම්භයත් සමඟ ඇති වූ මෙම අධික වර්ෂාව හේතුවෙන් හානිවූ වගා පද්ධති, වගාවේ මූලික අවස්ථාවේ පවතී.

රටේ ගොවි ජනතාවගේ ආර්ථික ස්ථායීතාවය ඇති කිරීමට වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් වන අතර අඛණ්ඩව අධීක්‍ෂණ කටයුතු සිදු කරමින් ගොවි ජනතාව වෙත උපරිම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යතුමා විසින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව හානියට පත් වගාවන් සම්බන්ධයෙන් ඉදිරි දින 14 ක් තුල සියළුම ගොවි මහතුන් අදාල ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයේ හානි වාර්තා කලයුතුවේ.

ඉන් අනතුරුව වගා හානි තක්සේරු කිරීම මඟින් සිදුවී ඇති හානි තත්වයන් වලට අනුව හෙක්ටාරයක් සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වී,බඩ ඉරිඟු,අර්තාපල්,සෝයා, මිරිස් සහ ලොකු ලූණු යන වගාවන් දසඳහා වන්දි මුදල් නිදහස් කරනු ලැබේ.

මේ සඳහා ගොවීන්ගෙන් කිසිඳු රක්ෂණ වාරික මුදලක් අයකර ගැනීමෙන් තොරව නොමිලේ රක්ෂණය යටතේ රජය විසින් වන්දි මුදල් ලබාදීම සිදුකරනු ලැබේ.