කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය යළි ඇරඹේ

අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද යළි ආරම්භ වුණා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

එහිදී සාක්ෂිකරුවන් හතර දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ලැබුවා.

වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 26 වනදා දක්වා කල් තිබුණා.