නෙදර්ලන්ත සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ස්වීඩනයේ ගොතන්බර්ග් නුවරට පැමිණ තිබෙනවා.
ස්වීඩන අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදු කෙරෙන මෙම සංචාරය, අග්‍රාමාත්‍ය මෝදිගේ විදේශ සංචාරයේ තෙවැනි අදියරයි.
ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම බලාත්මක වීමෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු යුරෝපා කලාපයේ නිරත වන පළමු සංචාරය මෙය වීම විශේෂත්වයක්.
