රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත හෙට


සිංහල දෙමළ අලු‍ත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (20) යෙදී තිබෙනවා.

හෙට (20) පූර්ව භාග 6.27ට හෝ පූර්ව භාග 6.50ට රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි යැයි නැකත් සීට්ටුවේ සඳහන්.

මෙවන් පසුබිමක අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා අද (19) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි ප්‍රවාහන බලධාරින් සඳහන් කළේ.