ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව 3 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ, නිමා වූ රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන්.
එම තරගාවලියට පෙර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානයේ පසුවුණා.
රුමේෂ් තරංග රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම හිමි කර ගත්තා.
මෙවර තරග සමයේදී එම ඉසව්වේදී ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවයද එයයි.
