අද විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ කොච්චිකඩේ, සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් අද (13) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබෙනවා.

මංගල්‍යයට සමගාමීව අද (13) දහවල් 02.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ සුරුවම රැගත් දේව පෙරහර වෙරළබඩ පොලිස් වසමට අයත් මාර්ගයන්හි වීථි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ.