මෙරටින් නික්ම යන බංග්ලාදේශ මහ කොමසාරිස් අගමැති හමුවෙයි

සිය ධූර කාලය අවසන් කරමින් මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස්, Andalib Elias මහතා, ඊයේ (15) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.

සිය ධූර කාලය තුළ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් Andalib Elias මහතා සිදු කළ සේවය සහ දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය සිය ස්තූතිය පළ කළාය.

දෙරටේ තරුණ තරුණියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සඳහා දෙපාර්ශවයේ කැපවීම මෙම අවස්ථාවේදි යළි තහවුරු කරන ලදී.

මේ සඳහා කොළඹ පිහිටි බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක (Counsellor) Md. Jannatul Habib, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.