ග්ලාස්ගෝව්හිදී රො‍ෂාන්ට 7 වෙනි ස්ථානය

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ මීටර් 110 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ අවසන් තරගයේදී 7 වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රො‍ෂාන් රණතුංග සමත් වුණා.

ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරදී.

තප්පර 13 යි දශම 1 යි 7 කින් තරගය නිම කළ ජැමෙයිකාව එම ඉසව්වේ පළමු ස්ථානය හිමි කර ගත්තා.

රොෂාන් රණතුංග තරගය අවසන් කළේ, තප්පර 14 යි දශම 0 යි 5 ක කාලයකින්.

දෙවැනි ස්ථානය එංගලන්තයටත්, තෙවැනි ස්ථානය සයිප්‍රසයටත් හිමි වුණා.