ඉරානය සමඟ සාකච්ඡා අද (03) පස්වරුවේ ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම මෙම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී තිබේ.
ගිවිසුමකට පැමිණීම සඳහා ඉරානයට නිශ්චිත අවසන් කාලසීමාවක් පනවා තිබේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, තමන් යුද්ධයකට වඩා ගිවිසුමකට කැමැත්තක් දක්වන බවත්, ප්‍රහාර හේතුවෙන් සිදුවන විශාල මිනිස් ජීවිත හානි වැළැක්වීම තම අරමුණ බවත්ය.
පසුගිය පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලය සමඟ එක්ව ඇමෙරිකාව ආරම්භ කළ මෙම යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක බොරතෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක් ප්‍රවාහනය කරන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගත්තේය.
මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, එයින් ඇති වූ උද්ධමනය හේතුවෙන් ඇමෙරිකානු රජයට රට තුළින් දැඩි දේශපාලන බලපෑමක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.