පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අගෝස්තු 10 සිට යළි ඇරඹේ

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු, මේ මස 10 වන සඳුදා සිට යළි ආරම්භ කෙරෙන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල සිටින නේවාසික සිසුන්ට 9 වැනි ඉරිදා සිට නැවත නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබා දී තිබෙනවා.