මහියංගනය පොලිස් වසමේ අලුකැටියාව ප්‍රදේශයේ පසුගිය (10) වන දින නිවසක් ඉදිරිපිට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ් අනුව විමර්ශන නිලධාරීන් විසින් මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (11) දින රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 22 ක් වූ මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
