පසුගිය (04) වන දින දෙහිවල පොලිස් වසමේ කඩවත පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට යොදාගත් යතුරුපැදියේ පැදිකරු ලෙස සිටිමින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 20 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දෙහිවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
