උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම අරමුණු කරගනිමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ රුපියල් මිලියන 7148 වියදමින් ඉදිකෙරෙන අංග සම්පුුර්ණ හෘද රෝග ප්‍රතිකාර සංකීර්ණ දිවිත්වයක් සමග සෞඛ්‍ය පුුතිකාර සංකීරණ සඳහා මුල්ගල් තැබීම හෙට (16) සිදුකෙරෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරු පුුමුඛ ප්‍රභූවරුන් රැසක මේ අවස්ථාවට සහභාගීවීමට නියමිතයි.
