තුර්කියේ ඉස්තාන්බුල් හි ශ්රී ලංකාවේ ගෞරවනීය කොන්සල් Aydin Ozu මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා හා කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා අතර හමුවක් ඊයේ (30) මුදල් අමාත්යාංශයේදී පැවැත්වුණා.
මෙහිදී, දෙරට අතර පවතින දිගු කාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
විශේෂයෙන්ම ශ්රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳවත්, මූලිකවම සෞඛ්ය, කර්මාන්ත, ඛනිජ සම්පත් හා ඛනිජ තෙල් සම්බන්ධව දෙරට අතර ඇතිකරගත හැකි ආයෝජන අවස්ථාවන් පිළිබඳව නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා කරුණු දක්වන ලදී.
මෙහිදී, වත්මන් රජයේ ආර්ථික වැඩපිලිවෙළ පිළිබඳ පැසසුම් එක්කළ කොන්සල්වරයා ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා තුර්කි ආයෝජකයින් යොමු කිරීම පිළිබඳව මැදිහත්ව කටයුතු කරන බවත්, මේ වන විටත් ශ්රී ලංකාවේ ආයෝජනයන් සම්බන්ධයෙන් ඉහල විභවයක් තුර්කි ආයෝජකයින් තුළ පවතින බවට අවධාරණය කරන ලදී.
මෙහිදී, නියෝජ්ය අමාත්ය යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේ රජය මගින් පවත්වාගෙන යන මූල්ය විනය සහ විනිවිදභාවය ජාත්යන්තර ආයෝජකයන්ට ශ්රී ලංකාවේ ආයෝජන කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇති කරවීමට හේතු වන බවයි.
මෙම අවස්ථාවේ ශ්රී ලංකාවේ යටිතල පහසුකම් (මාර්ග) සංවර්ධනයේදී උද්ගතව ඇති තාර හිඟය පිළිබඳව නියෝජ්ය අමාත්ය යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා කරුණු දක්වන ලදී. ඒ සඳහා තුර්කියේ ගෞරවනීය කොන්සල්වරයා සාධනීය පිළිතුරු ලබා දුන් අතර, ඉදිරි ක්රියාමාර්ග ගැනීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සාකච්ඡාවක් පැවැත්වීමටත් දෙපිරිස අතර එකඟතාවයක් ඇතිකර ගන්නා ලදී.
