
සීමාසහිත නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මයිලෝ කුසලාන නෙට්බෝල් ශූරතාවලියේ කළුතර දිස්ත්‍රික් තරග පසුගියදා කළුතර තිස්ස මධ්‍ය විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවති අතර, අවුරුදු 13න් පහළ, 15න් පහළ හා 17න් පහළ යන ශූරතා තුනම දිනා ගැනීමට තිස්ස මැදි විදුහල සමත් විය. අවුරුදු 19න් පහළ ශූරතාව පමණක් කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට හිමි වූ අතර එහි අනුශූරතාව කළුතර බාලිකාවට හිමි විය.
13න් පහළ හා 17න් පහළ අනුශූරතා දෙක පමණක් කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් දිනාගත් අතර, 15න් පහළ අනුශූරතාව බණ්ඩාරගම මධ්‍ය විදුහලට හිමි විය.