
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ බැහැර නොකරන ලද දැඩි දුගන්ධයක් හමන කැලි කසල විශාල ප්‍රමාණයක් කොටගල ප්‍රාදේශීය සභාවට අයත් දිඹුලපතන කැලි කසල මධ්‍යස්ථානයට රැගෙන විත් බැහැර කිරීමේ සුදානමක් පවතින බවත්,එය සිදු කිරීමට තමන් කිසිසේත් ඉඩ ලබා නොදෙන බව කොටගල කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අවට පදිංචිකරුවන් කියා සිටියි.
කොටගල ඩෙවෝන් දිය ඇල්ලට ආසන්නයේ පිහිටි කොටගල කැලි කසල ප්‍රතිච ක්‍රීකරණ මධ්‍යස්ථානයට දැනට රැගෙන විත් බැහැර කරන කැලි කසල හේතුවෙන් මැස්සන් බෝ වීම නිසා තමන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවත්, එවන් තත්වයක් මතහැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ වසර ගණනාවක් තිස්සේ ගොඩ ගසා ඇති කැලි කසල රැගෙන විත් කොටගල කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට බැහැර කල හොත් තමන් මීට වඩා දැඩි ලෙස පීඩාවට පත් වන බවයි කොටගල කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.
නැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් විසින් කොටගල ප්‍රාදේශීය සභා කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය මේ දිනවල හැටන් දික්ඔය නගර සභාවේ වාහන ධාවනය කල හැකිවන ආකාරයට මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින බවත්, හැටන් දික්ඔය නගර සභාවේ පාලන පක්ෂයේ කිහිප දෙනෙකු කොටගල කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ තමන් එයට විරුද්ධ වූ බවයි. දිඹුලපතන ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
දැනට කොටගල කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ බැහැර කර ඇති කැලි කසල නිසා මැස්සන් බෝ වීම නතර කිරීමට කෘමිනාශක යොදන ලෙසද අවට පදිංචිකරුවන් කොටගල ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටියි.
කොටගල කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට පහළින් මහවැලි ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන කොත්මලාඔය ගලා බසියි.


