බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් අල්ලයි

බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ ක්‍රීඩාංගණයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 29 සහ 38 වන වයස්වල පසුවන බො‍රැල්ල සහ හෝකන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් බො‍රැල්ල පොලීසියට බාරදීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යනු ලැබුවා.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගවට ගෙන තිබෙනවා.

බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැදී සිටි පස්දෙනෙකු ඉලක්ක කර පසුගියදා සිදු කළ වෙඩි තැබීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

තවත් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.