ලක්ෂ 50ක අම්බර් සමඟ සැකකරුවෙකුට මාංචු

තල්මසුන්ගේ වමනය හෙවත් අම්බර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) දින උදෑසන කාලයේ දිවුලපිටිය, මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේදී දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇත.

එහිදී රුපියල් 5,000,000 ක (රුපියල් ලක්ෂ පනහක්) මුදලකට අලෙවි කිරීමට සුදානම් කර තිබූ තල්මසුන්ගේ වමනය හෙවත් අම්බර් කිලෝ 01 ග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 44 ක් වන වතුරුගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දිවුලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.