ඇමති සමන්ත සරුංගල් යවයි

බදුල්ල ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමත් විචිත්‍රවත්යක් එක් කිරීමත්,  දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ නිර්මාණ කුසලතා ඔප් නැංවීමත් අරමුණු කර ගනිමින් සංවිධානය කල බදුල්ල සරුංගල් සැණකෙළිය ඊයේ (10) දවස පුරා දෙස් විදෙස් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බදුල්ල  සරුංගල් කන්දේදී පැවැත්විණ.

බදුල්ල   නගරාධිපති නන්දන හපුගොඩ මහතාගේ සංකල්පයක් මත සංවිධානය කළ සරුංගල් සැණකෙළිය  ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් හා  බදුල්ල මහා නගර සභාව,ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ සොරණාතොට ප්‍රාදේශිය සභාවේ  අනුග්‍රහය ඇතිව පැවැත්විණ.

සැනකෙළීය සදහා විදෙස් ජාතිකයින්  එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.

පාසල් දරුවන්ට හා විවෘත අංශය වශයෙන් සරුංගල් සැණෙකළියේ තරඟ අවස්ථා පැවති අතර ජයග්‍රාහකයන් හට මූල්‍ය හා සහතිකපත් ප්‍රධානයක්ද  සිදුවිය.

වැවලි හා ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සැණකෙළිය  සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනිදු සමන් හෙන්නායක,  බදුල්ල  නගරාධිපති  නන්දන හපුගොඩ,  පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු  ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය උපකුලපතිතුමන්  ඇතුළු නිළධාරින්, ව්‍යාපාරික ප්‍රජාව හා ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වූහ.