තුර්කිය කැළඹූ ප්‍රබල භූමිකම්පාව

ඊශානදිග තුර්කියේ බාලි කෙසිර් පළාතේ ඊයේ භූමි කම්පාවක් සිදුව තිබෙනවා.

එය රිච්ටර් මාපක 6.1 ක අගයක් ගත් බවයි එරට බලධාරීන් පවසන්නේ.

81 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන අතර පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි 16 ක් කඩාවැටුණු බවයි තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ.

ජීවිතාරක්‍ෂක මෙහෙයුම් මේ වනවිට අවසන් වී ඇති බව තුර්කි ර‍ජය පවසනවා.

අභ්‍යන්තර කටයුතු ආමාත්‍යවරයා කියා සිටියේ දේපල හා ජීවිත හානි පිළිබඳව නවතම වාර්තා ලැබී නොමැති බවයි.