බොරැල්ල වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් අධිකරණයට

ඉකුත්දා බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු පැය 24ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දුන්නා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංක නමැති සැකකරුවකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා

ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළා.

පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

ඒ අනුව වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තුන්දෙනෙකු පැය විසි හතරක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙසත් පොලිසිය අදිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් තුන්දෙනා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.

ඊට අමතරව ෂෙහාන් මධුසංක නමැති සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බව පැවසුවා.

එහෙත් කිසියම් පුද්ගලයෙකු ලබා දුන් ප්‍රකාශයක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි නීතිඥවරයා පැවසුවේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළේ මෙම සැකකරු සම්බන්ධ සාක්ෂි සම්පින්ඩනයක් මීළඟ දින හදිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.