කිලිනොච්චිය, ඌට්ටුපුලම් ප්‍රදේශයේදී ඊයේ (11) දින සවස් කාලයේ නිවසක සිටි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 77 ක් වූ ඌට්ටුපුලම් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය තනිවම නිවසේ රැඳී සිට ඇති අතර ඇයගේ කෑගැසීම් හඩක් ඇසී අසල්වැසියන් නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවස තුල තිබී තුවාල සහිතව වැටී සිටි ඇයගේ මෘත ශරීරය හමුවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදි අනාවරණය වී ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
