
වසර 34 කට පසුව පකිස්තානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලිය ජය ගත්තේ තරග 2 ට 1 ක් ලෙසයි.
තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වුණා. තුන්වන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 50 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 294 ක් රැස් කළා. නායක ශායි හෝප් නොදැවී ලකුණු 120 යි.
පන්දු 94 කදී ගෙඩානැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත්. ශායි හෝප් එක්දින ක්‍රිකට් දිවියේ වාර්තා කළ 18 වැනි ශතකය මෙයයි.
පිළිතුරු ලෙස පකිස්තානයට පන්දු වාර 29 යි, පන්දු 2 කදි සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 92 ක් පමණයි.
සල්මන් අග්හා ලකුණු 30 යි. පන්දු යැවීමේදී ජේඩ්න් සීල්ස් කඩුලු 6 ක් දවාගත්තා. ඒ අනුව කොදෙව් කණ්ඩායම තරගය ජයගත්තේ ලකුණු 202 කින්.
එය වාර්තා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරගයක් ජයගත් විශාලතම සිව්වැනි ලකුණු පරතරය ලෙසයි.
මේ අතර 1991 වසරින් පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම හමුවේ පකිස්තානය පරාජය වූ පළමු එක්දින තරගාවලිය ලෙසයි මෙය වර්තා වන්නේ.