දුම්රියට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පත්කෙරේ. දුම්රිය සේවය කාර්යක්ෂමව පවත්වා ගැනීම රජයේ අරමුණ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පත්වීම ප්‍රදානයෙන් පසු සඳහන් කළේය.

දුම්රිය ට ආදරය කරන බොහෝ පිරිසක් සිටිති. ඔවුන් සහ සියලු පාර්ශවවල සහාය ලබාගනිමින් ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණයි. පරිපාලනයේ වෙනස ඊට පිටිවහලක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.