එකම පවුලේ 3කට මරු කැඳවූ බිහිසුණු ගංවතුර

අමෙරිකාවේ ටෙනසිහි ප්‍රාන්තයට තද වැසි හා හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

එම ගංවතුරින් එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බව සඳහන්.

හැම්ල්ටන් ප්‍රාන්ත නගරාධිපති, වෙස්ටන් වැම් හදිසි ගංවතුර හේතුවෙන් ප්‍රදේශයේ හිදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටිනවා.

චැටනුගා අසල නැගෙනහිර රිජ්කි ඇති වූ කුණාටුව හේතුවෙන්, මෝටර් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් එකම පවුලේ වැඩිහිටියන් දෙදෙනෙකු හා එක් දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී තිබෙන බව හැම්ල්ටන් ප්‍රාන්ත හදිසි කළමනාකරණ සහ ස්වදේශීය ආරක්‍ෂක කාර්යාලය පවසනවා.

චැටනුගා ඇතුළු ටෙනසිහි හැම්ල්ටන් ප්‍රාන්තයේ ගංවතුරට ලක් වූ දේපළ හා ජීවිත ගලවා ගැනීමට උදව් කිරීම සඳහා ඉකුත් අගහරුවා දින ක්‍රියා කළ බව ප්‍රාදේශීය ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

නෙක්සිවිල් ඇතුළු ටෙනසිහි බොහෝ ප්‍රදේශයන් සඳහා බදාදා දිනයේදී හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.