ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ ප්‍රථම වරට ඉන්දියාව සමඟ අවසන් මහා තරගයකට පිවිසීමට පකිස්තාන කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, පකිස්තාන ක්‍රීඩකයින් බංග්ලාදේශය සමග පැවති තරගය, ලකුණු 11 කින් ජය ගනිමින්.
තරගය පැවැත්වුණේ ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසිය වාසිය හිමි කර ගත් බංග්ලාදේශ කණ්ඩායම, පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව, පන්දුවට පහර දීම ආරම්භ කළ පකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 135 ක් ලබාගත්තා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහම්මඩ් හාරිස් රැස්කළ ලකුණු සංඛ්‍යාව 31 ක්. මොහම්මඩ් නවාස් ලකුණු 25 යි.
පන්දු යැවීමේදී, ටස්කින් අහ්මඩ් කඩුලු 3 ක් දවා ගත්තා. අනතුරුව ලකුණු 136 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත ලබා ගත හැකි වූයේ, ලකුණු 124 ක් පමණයි.
ෂාමිම් හොසෙයින් ලකුණු 30 යි. පන්දු යැවීමේදී පකිස්තාන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සහ හාරිස් හවුෆ් කඩුලු 3 බැගින් බිඳහෙලුවා.
ඉන්දියාව සහ පකිස්තානය අතර අවසන් මහා තරගය ලබන (28) වැනිදා ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මේ අතර, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ඉන්දියාව සමග අද පැවැත්වෙන අතර, එය රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතයි.
