ලෝක ශුරතා පැරා මලල ක්රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට නුවන් ඉන්දික සමත් වුණා.
තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ නව දිල්ලි නුවරදි.
නුවන් ඉන්දික T44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.46 ක දක්ෂතාවක් දක්වමින් මෙම ලෝකඩ පදක්කම හිමි කර ගත්තා.
ඔහු පසුගිය වසරේ ජපානයේදී පැවති ලෝක ශුරතා පැරා මලල ක්රීඩා තරගාවලියේදී T44 කාණ්ඩයේ මීටර් 100 ධාවන ඉසවවෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබෙනවා.
