2026 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නැමීබියාව සමත් වුණා.
අප්‍රිකානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ඊට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම ලෙසයි ඔවුන් වාර්තා වන්නේ.
ඔවුන් සමග කෙන්යාව හෝ සිම්බාබ්වේ කණ්ඩායම් මෙම තරගාවලියට සුදුසුකම් ලබනු ඇති.
අප්‍රිකාව නියෝජනය කරමින් දකුණු අප්‍රිකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.
නැමීබියාව ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ සිව්වැනි අවස්ථාව මෙයයි.
මීට පෙර ඔවුන් 2021, 2022 සහ 2024 වසර වලදී එම තරගාවලියට ක්‍රීඩා කළා.
