වාසනාවන්ත 7 වැනි දිනය

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 7 වැනි දිනය අද. ප්‍රදර්ශනය පසුගිය 27 වැනිදා ආරම්භ වූ අතර ඔක්තෝම්බර් මස 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදීය. විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් පොත් මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.

විදේශීය ප්‍රකාශන කුටි ඇතුළුව ප්‍රදර්ශන කුටි 500 කට අධික පමණ ප්‍රමාණයකින් මෙම ප්‍රදර්ශනය සමන්විතයි.