සා. පෙළ සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9 වනදා අවසන් වනවා.

එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

එමෙන්ම යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවත් එම නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් 0112-784208/ 0112-784537/ 0112-785922 දුරකතන අංක යටතේ විමසිය හැකිය.

ඊට අමතරව 0112-784422 යන ෆැක්ස් අංකය හෝ [email protected] යන විද්‍යුත් තැපෑල මගින්ද විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.