නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ජීප් රථයක් සමග සැකකරුවෙකු, අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.
මොරොන්තුඩුව, අරියගම, දෙල්දූව ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කළ මෙම ජිප් රථය සමග සැකකරු අත්අඩංගුවට ගැනුණේ, ඊයේ දිනෙයේ දී.
සැකකරු, වයස අවුරුදු 38 ක් වන දෙල්දූව වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මොරොන්තුඩුව පොලිස්ථානය වෙත බාර දී තිබෙනවා.
