ඉකුත් වසරේ පැවති එල්.පී.එල් ක්‍රිකට් තරඟවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමිම් රහ්මාන් නමැත්තාට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී මෙම චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට ඇප මත මුදාහැර සිටින බංග්ලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
ඒ අනුව මෙම නඩුව කැදවීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ඉන් අනතුරු අදාළ පැමිණිල්ල දෙසැම්බර් මස 05 වනදා කැඳවීමටද නියම කළා.
