සාදයක් මැද සිදුකළ වෙඩිතැබීමට අයෙක් කොටු

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025.04.29 වන දින අළුයම් කාලයේ හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් අතරතුරදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලැබීමක් සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (30) දින මාලමුල්ල ප්‍රදේශයේදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයේ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පළා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන හිරණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 40 ක් වන මොරවින්න, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හිරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.