මීටියාගොඩ පොලිස් වසමේ, අලුත්වල පාරේ කිරලගහවෙල, ඇත්ඔලුව ප්රදේශයේ හෝටලයක මුදල් අයකැමිවරියකට ඊයේ (17) රාත්රී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
වෙඩි වැදුන කාන්තාව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ, මීටියාගොඩ ඇත්ඔලුව ප්රදෙශයේ පදිංචි වයස අවුරුදු 45ක කාන්තාවක්.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතබා පලාගොස් ඇති අතර, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබිම සිදු කර ඇති බවට පොලිසිය සැකකරනවා.
මෙම ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදිය බද්දේගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
බටපොල, බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබු යතුරුපැදිය බද්දේගම පොලිසියට ලද තොරතුරකට අනුව සොයාගෙන ඇත.
වෙඩික්කරුවන් මීටියාගොඩ අලුත්වල හරහා බද්දේගම දෙසට ගමන් කරන අතරතුර යතුරුපැදිය මග දමා පළා යන්නට ඇති බවට පොලිසිය සැකකරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරනවා.
