අයහපත් කාලගුණය නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයට ස්ථාන කිහිපයකින් නායයෑම්, පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම් සහ ගස් කඩා වැටීම් වාර්තා වුණා.
එම නිසා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබුණා.
මේ වන විට ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්වයට පත්ව ඇති අතර, මේ වන විටත් ඇල්ල – වැල්ලවාය මාර්ගයට කඩා වැටුණු පස් කඳු සහ ගල් ඉවත් කර මාර්ගය පිළිසකර කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
