හොර පාරෙන් රටට ආ සිගරට් තොගයක් ගුවන්තොටේදී අල්ලයි

නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද සිගරට් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) දින රාත්‍රී කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධීව මෙරටට රැගෙන ලද සිගරට් 12,000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු‍ 42 ක් වන පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.