එකමුතුකමේ සවියෙන් ගොඩනැගෙන ඇලහැර අමුණ

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හානියට පත්වූ ලෝක උරුම ඇලහැර අමුණ නැවත ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ වී තිබෙනවා.

යුධ හමුදා සාමාජිකයින් සහ ඇලහැර ගොවීන්ගේ සහයෝගයෙන් ඇලුහැර අමුණ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුණා.

මෙම අමුණ ඇලහැර, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන සියලු ගොවි ව්‍යාපාර වෙත ඇලහැර යෝධඇල ඔස්සේ ජලය රැගෙන යාමට ජලය එකතු කරගන්නා ප්‍රධාන අමුණ වන අතර මෙම අමුණ වසර 2000 ක් පමණ ඉපැරැණි වසභ රජතුමා විසින් ඉදිකරන ලද්දකි.