යුක්‍රේන හමුදාව එරට නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත් විය යුතු බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැවතත් අවධාරණය කර සිටිනවා.
ඔහු අනතුරු අඟවන්නේ එසේ නොමැතිවුවහොත් රුසියාව විසින් එය අත්පත් කර ගනු ඇති බවටයි.
යුක්‍රේනයේ යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඕනෑම සම්මුතියක් ප්‍රතික්ෂේප කරන බවද රුසියානු ජනාධිපතිවරයා ඉන්දිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
ඩොන්බාස් කලාපයෙන් මේ වනවිට 85% ක් පමණ පාලනය කරන්නේ රුසියාවයි. අනෙකුත් කොටස් යුක්‍රේන පාලනය යටතේ පවතිනවා.
කෙසේවුවද යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි තම භූමිය අත්හැරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අමෙරිකානු නියෝජිතයන් සහ රුසියානු ජනාධිපතිවරයා අතර ඉකුත් අඟහරුවාදා පැවති සාකච්ඡාවලින් අනතුරුව රුසියානු නායකයා “යුද්ධය අවසන් කිරීමට කැමති” බවට විශ්වාස කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසුව ජනාධිපති පුටින්ගේ අදහස් පළ කෙරුණා.
මොස්කව්හි සිටි අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් ෆ්ලොරිඩාවේදී යුක්‍රේන කණ්ඩායම හමුවීමට නියමිතයි.
රුසියාව සටන් විරාම ගිවිසුම් නතර කරන බවට යුක්‍රේනය නැවත නැවතත් චෝදනා කර ඇති අතර, රුසියාව යුක්‍රේන භූමිය තවදුරටත් අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවද කියා සිටිනවා. රුසියාව යුක්‍රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් ආරම්භ කළේ 2022 වසරේ පෙබරවාරි මාසයේදි.
මොස්කව් මගින් දැනට යුක්‍රේන භූමියෙන් 20% ක් පමණ පාලනය කරනු ලබනවා.
මෑත සති කිහිපය තුළ, රුසියානු හමුදාව ගිනිකොනදිග යුක්‍රේනයෙහි සෙමින් ඉදිරියට ඇදෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
