මරික්කාර් මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නෙයිනා තම්බි මාරික්කාර් මොහොමඩ් තාහීර් අද (05) දිවුරුම් දී තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදී.

හිටපු මන්ත්‍රීවරයෙකු වූ මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය පිරවීම සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී තිබෙනවා.