අවමංගල්‍ය ගමන අවමංගල්‍යකින්ම ‌කෙළවර වෙයි

මතුගම, වෝගන්වත්ත ඉහළ කොටස ප්‍රදේශයේදී ඊයේ (16) දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මතුගම පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 41 ක් වූ වෝගන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී අතරමඟ දී රැක සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.