මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දුන්නේ.
ජල සැපයුම අත්හිටුවීමේන පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළ කර සිටින අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වැඩිදුරටත් සඳහන් කරනවා.
