ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.

තරගාවලිය ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා 20-20 තරග 5 ක් ඇතුළත්.

තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර ආගමික වතාවත්වල නිරත වු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නිල ඡායාරූපයකටද පෙනී සිටියා.

කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්. චමරි අතපත්තු කණ්ඩායමේ නායකත්වය දරන අතර, හර්ෂිතා සමරවික්‍රම උපනායිකාව ලෙස කටයුතු කරනවා.