හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදිත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේදී සිදුකරනවා.
අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත සහිතවයි තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන හින්දු බැතිමතුන් විසින් මහත් හරසරින් යුතුව පවත්වනු ලබන්නේ. හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජාකිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද මෙම උත්සවයේ දී සිදුකෙරෙන බව සඳහන්. මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස ද සැලකෙනවා. කිරි උතුරුවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කිරීම ද මෙම උත්සවයේ දී සිදුකෙරෙනවා.
