රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2025 සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂී ප්‍රගතියක් වාර්තා කරයි

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2025 වසරේ සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂ ප්‍රගතියක් වාර්තා කර තිබෙනවා.

ආදායම් බදු සහ භාණ්ඩාගාර බද්ද ඔස්සේ රජයට ලබාදුන් දායකත්වයේ සියයට 173 ක වර්ධනයක් දැකිය හැකි බවයි එම සංස්ථාව පෙන්වා දෙන්නේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2025 වසරේ ප්‍රගති වාර්තාවට අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ආදායම් බදු හා භාණ්ඩාගාර බද්ද ඔස්සේ රජයට ලබාදුන් දායකත්වය රුපියල් මිලියන 1118 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජීවනි නිෂ්පාදනය සියයට 36 ක වර්ධනයක් වාර්තා කරන අතර, 2024 වසරට සාපේක්ෂව පසුගිය වසරේ ජීවනි නිෂ්පාදන අලෙවි ආදායම සියයට 26 කින් වැඩිවී ඇති බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසන්නේ.

රාජ්‍ය ඔසුසල ආදායමද සියයට 9 කින් වර්ධනය වී තිබෙනවා.

කිරිබත්ගොඩ, නාරාහේන්පිට , කෑගල්ල, කල්මුණේ සහ මඩකලපුව යන ප්‍රදේශවල නව ඔසුසල ශාඛා 5 ක් පිහිටුවීම සහ අඛණ්ඩ කාර්ය සාධනයේ වැඩි දියුණු කිරීම් නිසා බොහෝ අලෙවිසැල් ලාභදායී වී තිබෙනවා.