හෝමුස් වසා දමයි ඉරානයෙන් අනතුරු ඇඟවීමකුත්

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස් සමුදු සන්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවයි.

එම සීමාව හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවයි ඉරාන හමුදාව පවසන්නේ.

ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින අතරතුර මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.